සචිත‍්‍ර,වැන්ඩර්සේ හා මාලිංග ‘ඩිමෝ’ කණ්ඩායම අන්ත අසරණ කරයි


25 වැනි වරට පැවැත්වෙන වෙළද සේවා ක‍්‍රිකට් තරගාවලියේ ඩිමෝ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ටීජේ ලංකා පීඑල්සී කණ්ඩායම අද සමත් විය.තරගයේ කාසිය වාසිය දිනු ඩිමෝ කණ්ඩායමේ නායක නිසල තාරක තම පිතකරුවන් පිළිබදව දැඩි විශ්වාසයකින් යුතුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළත් එම බලාපොරොත්තු බිද දමමින් සියලු පිතිකරුවන් ලකුනු 78ක් තුළ දවාගැනීමට ටීජේ ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුහ.ඩිමෝ කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී ලකුණු 24ක් ලබාගත් අතර රමේෂ් මෙන්ඩිස් ලකුනු 21ක් ලබා ගැනීමට සමත්විය.එහිදී විශිෂ්ට පන්දුයැවීමට නිතර වු සචිත‍්‍ර සේනානායක ලකුණු 10කට කඩුලු 04ක්ද ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 25කට කඩුලු 03ක්ද ලසිත් මාලිංග ලකුනු 10කට කඩුලු 02ක්ද බිද හෙලූහ.ජයග‍්‍රහණය සදහා පහසු ඉලක්කයක් හඹා යාමට පිිටියට පිවිසි ටීජේ ලංකා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වු අතර එහිදී චරිත් අසලංක ලකුනු 31ක් ලබා ගැනීමට සමත් විය.පන්දුයැවීමේදී ඩිමෝ කණ්ඩායමේ නායක නිසල තාරක කඩුලු 02ක් දවාගැනීමට සමත් විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *