බිස්කට් විකුණන මුරලිගේ තාත්තා ගැන ඉන්දීය පත්තරකාරයෙක් කියන රහස්, මුරලි ගැනත් ලොකු දෙයක් හෙළි කරයි


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරඟාවලියේ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වුනේ පල්ලේකැලේදී. මේ තරඟය වාර්තා කිරීමට මහනුවර ගිය ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ගව්රව් ගුප්තා ක්‍රිකට් ගැන අමුතු කතාවක් ලියන්නට පල්ලෙකැලේ යන ගමන් කුණ්ඩසාලේ නැවතුනේය. ඔහු ගියේ ශ්‍රී ලංකාවේ නම ලෝකට ගෙන ගිය ඉන්දියාවට නෑකමක් ඇති ලෝකයේ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයාගේ පියා හමුවන්නටය. ඒ මුත්තයියා මුරලිදරන්ගේ පියා වන 73 හැවිරිදි සින්නසාමි මුත්තයියාය.ඔහුගේ ලකීලෑන්ඩ් බිස්කට් ෆැක්ටරියට ගොඩවැදුණු ඔහුට මේ ලෝක පූජිත ක්‍රීඩකයාගේ පියා ගැන අමුතු උද්දීපනයක් ගෙන ආවේ ඔහුගේ පැවති සරල චාම් බව නිසාය.එනිසාම මේ මාධ්‍යවේදියා සින්නසාමි මුත්තයියා මහතා හන්දිවුයේ සරල චාම් ව්‍යාපාරකයෙකු ලෙසටය. ව්‍යාපාර නායකයෙකුට ඔබින ඇඳුම් ආයිත්තමින් සරසි නොසිටි ඔහු සාමාන්‍ය කමිසයකින් සහ සරමකින් සරසි සිටි බව ඔහු ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට වාර්තාකර තිබිණි.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තාත්තලා සංසන්දනය කළේ ඔහුගේම කතාවකිනි. බොහෝ ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ තාත්තලා ක්‍රිකට්වලින් වැජඹෙනවා. ඇයි ඔබ ඔබේ බිස්කට් ප්‍රචාරණයට මුරලි පුතාගේ රූපය පාවිච්චි නොකරන්නේ. ? ” 73 වියැති ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම බිස්කට් නිෂ්පාදකයා මෙවැනි පිළිතුරක් දුන්නේය. ” මුරලිට වෙනම බිස්කට් සමාගමක් තිබෙනවා. ඒ බිස්කට් එක වෙළෙඳ පොළේදී මගේ තරඟකරුවෙක්. ඒ හින්ද මට පුතාගේ රූපය මගේ බිස්කට් ප්‍රචාරණයට ගන්න බැහැ. කුණ්ඩසාලේ පිහිටි වර්ග අඩි 5000 ක පමණ වපසරියකින් යුතු ඔහුගේ කර්මාන්ත බිමේ පසෙක පිහිටි සිමෙන්ති දැමු කුඩා බිම්කඩක් පෙන්වා සින්නසාමි මහතා කියා තිබුනේ මුරලි සහ ඔහුගේ සහෝදරයන් දවස තිස්සෙම ක්‍රිකට් සෙල්ලම් කළේ එතැන බවය.

ඉන්දීය මාධ්‍යවේදියා මුරලිගේ ක්‍රිකට් ගැන කතා කරද්දී ඔහුටු පැමිණි අභියෝගවලදී පියා කටයුතු කළ ආකාරය ගැනද විමසා ඇත. එහිදී 1995 දී ඕස්ට්‍රේලියානු සංචාරයේදී මුරලිට පැමිණි අභියෝග ජය ගැනීමේදී අර්ජුන රණතුංග කළ කැපවීම ගැන ඔහු විශේෂ ඇගයීමක් කර තිබිණි. මෙම මාධ්‍යවේදියා කුණ්ඩසාලේ යන විට තෙවැනි ක්‍රිකට් තරඟයට තිබුනේ දිනක් හෝ දෙකකි. ක්‍රිකට් ක්‍රීඩාවට මෙපමණ කැප කිරීමක් කළ මුරලිත් ඔහුගේ පියාත් මෙය බලන්නට නොයෑම ගැනද ඔහු විමසා තිබිණි.

මට නම් වෙලාවක් නෑ. මම මගේ වැඩ කටයුතුත් එක්ක අවිවෙකියි. පුතා මේ දවස්වල ඉන්නේ සිංගප්පූරුවේ. තනිකරම ව්‍යාපාර මත්තේ දැඩි කැපවීමක් ඇති සින්නසාමි මහතා සඳහන් කර ඇත. තම බිස්කට් ව්‍යාපාරයට පුතාගේ සම්බන්ධ වීම නොවීම ගැනද පියාට ප්‍රශ්නයක් එල්ල විය. මුත්තයියටත් මෙහෙ එන්න වෙලාවක් නැහැ. මීට මාස දෙකකට විතර කලින් ඇවිත් ගියා. එයාටත් ව්‍යාපාර තිබෙනවා. ඔහුට කොළඹ බීම කෑන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවකුත් තිබෙනවා. එහි 150 දෙනෙක් විතර වැඩ කරනවා. අවසන් වරට ඉන්දීය මාධ්‍යවේදියා මුරලිගේ පියාගෙන් ඇසුවේ පසුගියදා මුරලි සම්බන්ධයෙන් වූ ආන්දෝලනයක් ගැනය.ඒ ඕස්ට්‍රේලියානු පිළේ පුහුණුකරුවකු ලෙස පසුගිය ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟාවලියේදී ඔස්ට්‍රේලියාවට සහය පළ කිරීම පිලිබඳවය. මුරලි සහය දෙන්නේ ක්‍රිකට්වලටය.එහෙම නැතිව රටට නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුරලි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පුහුණු කරනවා කියල දැනගෙන හිටියා.නමුත් මේ වන තෙක් ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු වුණේ නෑ. ඔහුට එවැනි ඉල්ලීමක් කවුරු හරි එක කෝල් එකකින් හරි කළා නම් මට හොඳටම විශ්වාසයි ඔහු තමන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබා දෙනවා. ඔහුට ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් තිබෙනවා.අත්දැකීම් තිබෙනවා. එහෙම වුණා නම් තරුණ ක්‍රීඩකයන්ට ඔහු ඒ දැනුම දෙවි. හොඳින් පුහුණු කරාවි. ඉන්දීය මාධ්‍යවේදියා තම ලිපිය අවසන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එවැනි ප්‍රබල පණිවුඩයක් යවමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *